රූපලාවන්‍ය ශිල්පිනිය රූපලාවන්‍යගාරයේම මියයයි-අභිරහස් මරණයක්

රූපලාවන්‍ය ශිල්පිනිය රූපලාවන්‍යගාරයේම මියයයි-අභිරහස් මරණයක්

November 14, 2017   09:56 am




මීරිගම පොලිස් වසමේ - මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී තරුණියක සැක කටයුතු අන්දමින් මිය ගොස් තිබේ.

එහි සේවය කළ 21 හැවිරිදි තරුණියක මෙලෙස ඊයේ(13) දහවල් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

රූපලාවන්‍යාගාරයක් තුළදී තරුණියක සැකකටයුතු අන්දමින් මිය ගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී මේ බව අනාවරණය වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දිනේෂා චතුරංගනී නැමති මීරිගම - කිතලවලාන ප්‍රදේශයේ පදිංචි තරුණියක බව සඳහන්ය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(14) දින සිදු කිරීමට නියමිතය.