මේක ප්‍රතිලාභ බලන්  ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි-දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත අයවැයක්

මේක ප්‍රතිලාභ බලන් ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි-දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත අයවැයක්

November 14, 2017   11:30 pm



මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ නව දිශාවක් කරා ගමන් කරන අයවැයක් බවත්, එය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත වූවක් බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

විසර්ජන පනත් කෙටුම්පත 2018 (සිව්වැනි වෙන් කළ දිනය) අද(14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය කියා සිටියේ,

“ මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන සුබ ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් ඉදිරිපත් කළ අයවැයක් නොවේ. දීර්ඝ කාලීනව රටට වැඩපිළිවෙළක් ඇතිව කටයුතු කළ හැකි අයවැයක් ඉදිරිපත් කළේ. නීල හරිත එන්ටප්‍රයිසස් ලංකා නමින් අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ. අපේ රට හොඳ පරිසරයක් තිබෙන රටක්. මහ මුහුද තුළ මුදල් ජනනය කරන්න අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. රටේ ආර්ථිකයට හයියක් ලබාදෙන මනුෂ්‍ය ජීවිතයේ වුවමනා ඉටු කිරීම තමයි අවධානය.  සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩි දියුණු කරන්න කෝටි ගණන් වියදම් කළා.

සංචාරක ව්‍යාපාරයට මූලික අඬිතලමක්  දමා තිබෙනවා. සූර්ය බලශක්තිය වැඩි දියුණු කරන්න රුපියල් මිලියන 5300ක් වෙන් කර තිබෙනවා. අපද්‍රව්‍ය බැහැර කිරීම අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක්. කුණු කසළ ඉවත් කරන්න අපද්‍රව්‍ය බැහැර කරන්න යෝජනා කර තිබෙනවා.සංචාරකයන් මෙරටට ගෙන්වීමට  වැඩපිළිවෙළක් සඳහා මුදලක් වෙන් වුණේ මෙම අයවැයෙන්. උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය රක්ෂණයකට ලක් කරන්නත් යෝජනා කර ඇතැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.“