වෙළෙඳපොළකට ප්‍රහාරයක්-53ක් මරු වැළඳගනී-60කට තුවාලයි
සයුරෙන් එතෙර

වෙළෙඳපොළකට ප්‍රහාරයක්-53ක් මරු වැළඳගනී-60කට තුවාලයි

November 14, 2017   11:58 am




වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයට එල්ල වූ මෙම ගුවන් ප්‍රහාරයෙන් 60 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රදේශයේ ජනාකීර්ණ වෙළෙඳපොළකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

එමෙන්ම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැති බව වාර්තා වෙයි.