පාරේ ගුටි ඇනගත් මුස්ලිම් සිසුන් 5ක් අත්අඩංගුවට - අද අධිකරණයට ඉදිරිපත් කරයි

පාරේ ගුටි ඇනගත් මුස්ලිම් සිසුන් 5ක් අත්අඩංගුවට - අද අධිකරණයට ඉදිරිපත් කරයි

November 14, 2017   09:40 am

UPDATE - 9.38 am

හෙම්මාතගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අතර ඊයේ (13) පස්වරුවේ  ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ගැටලුවක් දුර දිග ගොස් ඇති වූ මෙම  ගැටුමෙන් මේ වන විට සිසුන් තිදෙනෙකු හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකාර සිසුන් 5 දෙනාගේ සාක්සි සටහන් කර ගැනිමෙන් පසුව ඔවුන් අද( 14) අධිකරණයට ඉදිරිපත් කරන බව හෙම්මාතගම පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ආශෝක බංඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් පරික්ෂණ පවත්වයි.