රටවල් 05ක ශිෂ්‍ය භටයින් ජනපති හමුවෙයි

රටවල් 05ක ශිෂ්‍ය භටයින් ජනපති හමුවෙයි

October 20, 2017   12:11 pm


හර්මන් ලූස් ශූරතා කඳවුර නැරඹීමට පැමිණි දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයට අයත් රටවල් 05ක ජාතික ශිෂ්‍ය භට කණ්ඩායම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී තිබේ.

අද(20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ජාතික ශිෂ්‍ය භට කණ්ඩායම් සහ නිළධාරින් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

මෙහිදී සෑම කණ්ඩායමක්ම භාර ඉහළ නිළධාරින් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිළිණ ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.