කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි
සයුරෙන් එතෙර

කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි

October 20, 2017   10:21 am

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි.

යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනමත විචාරණයෙන් පසු කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කිරිමට සූදානම්වීම හේතුවෙන් ස්පාඤ්ඤ රජය විසින් දැනට ස්වාධීන ප්‍රදේශයක් ලෙස පවතින කැටලෝනියා ප්‍රදේශය මධ්‍යම රජයට පවරා ගැනිමට තීරණය කර තිබුණි.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් පාලනයට සහය දක්වන බව ජර්මන් චාන්සල ඇන්ජලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රචම්  ප්‍රකාශ කර තිබේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසන්නේ මෙම අර්බුදය බෙදුම්වාදී ව්‍යාපාර සම්බන්ධයෙන් බටහිර රටවල ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් බවයි.