පකිස්ථානයේ ත්‍රස්ත නායකයෙකු මරුට
සයුරෙන් එතෙර

පකිස්ථානයේ ත්‍රස්ත නායකයෙකු මරුට

October 20, 2017   09:30 am

පකිස්ථානයේ ක්‍රියාත්මත ත්‍රස්ත සංවිධානයක ඉහළ පෙලේ නායකයෙකු ඇෆ්ගනිස්ථානයේදී නියමුවන් රහිත යානයකින් එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් තිබේ.

අමෙරිකානු හමුදාව විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර මියගිය පුද්ගලයා පාකිස්ථාන ඉස්ලාමිය ත්රරස්ත සංවිධානයේ ඕමාර් කලීඩ් බවට හඳුනාගෙන තිබේ.

ප්‍රහාරයෙන් තවත් ත්‍රස්තවාදීන් 09 දෙනෙකු ද මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඕමාර් කලීඩ් පාකිස්ථානය තුළ බෝම්බ පිපිරිම් රැසක් සිදු කළ අයෙකු බවට අනාවරණය වී තිබුණි.