තවත් නීති විරෝධී ගල් කොරියක්

තවත් නීති විරෝධී ගල් කොරියක්

September 25, 2017   11:22 am

අද දෙරණ උකුස්සා නිරන්තරයෙන් පරිසර හානි පිළිබඳව රට හමුවේ අනාවරණ කරන්නේ එය මතු අනාගතයටත් සෘජුවම බලපෑම් සිදුකිරීම හේතුවෙනි.

අද උකුස්සාගේ අනාවරණය දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගල් කොරියක් පිළිබඳවයි.

මෙය මායිම්ව පවතින්නේ පූගල්ල රක්ෂිතයටයි.

මෙම ගල්කොරිය පවත්වාගෙන යනු ලබන්නේ බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් බව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ අනුව එහි ගිය උකුස්සාට ගම්වාසීන් කියා සිටියේ මෙම ගල්කොරිය පිහිටි ස්ථානයේ ඇති සානුවකින් වැසි දිනවලට ජලය ගලා බසින අතර මෙම ගල්කොරිය හේතුවෙන් එය මේ වනවිට හිඳීගොස් ඇති බවයි.

උකුස්සා වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ බලපත්‍රයේ සඳහන් කොන්දේසියකට අනුව පූගල්ල රක්ෂිතයේ සිට මීටර් 100ක් දුරින් මෙම ගල් කොරිය පවත්වාගෙන යායුතු බවයි.

එහෙත් මෙහි සිටුවා ඇති මායිම් කණුවේ සිටි මීටර් 50කවත් දුරක් මෙම ගල්කොරියට නොමැති බව සිදු කළ ගවේෂණයේදී උකුස්සාට දැක ගත හැකි විය.

මෙලෙස පූගල්ල රක්ෂිතයකට බලපෑම් කරමින් සිදුකරගෙන යනු ලබන පරිසර විනාශය දෙස බලධාරීන්ගේ ඇස යොමුවන තෙක් උකුස්සා සීරුවෙන්.