බහුදින ධීවර යාත්‍රාවක හදිසි ගින්නක්- යාත්‍රාව සම්පූර්ණයෙන් විනාශයි

බහුදින ධීවර යාත්‍රාවක හදිසි ගින්නක්- යාත්‍රාව සම්පූර්ණයෙන් විනාශයි

September 13, 2017   05:15 pm


හම්බන්තොට ධීවර වාරයේ නවතා තිබු බහුදින ධීවර යාත්‍රාවක අද (13) පෙරවරුවේ හදිසියේ ඇතිවූ ගින්නකින් යාත්‍රාව සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

මෙසේ ගින්නට හසුව විනාශ වී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් ''දිනුජ '' නමැති  බහුදින දිවර බෝට්ටුවක් වන අතර මෙම බෝට්ටුව පසුගිය මස අගෝස්තු මස 17 වනදා තංගල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් අල්ලා ගන්නා ලද මත්ස්‍ය අස්වැන්න ගොඩට ගෙන ඒම සඳහා හම්බන්තොට ධිවර වරායට ඇතුල් කර නවතා තබා ඇත.

ගින්න හටගත් අවස්ථාවේ එහි එක් කම්කරුවෙකු සිට ඇති අතර ඔහු වතුරට පැන දිවි බේරාගෙන තිබේ.

පසුව හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරින් අදාළ අංශ දැනුවත් කර ඇති අතර ඉන් ආපසු හම්බන්තොට පොලීසිය, නාවික හමුදාව හා අපාදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් එක්ව ධීවරයින්ගේද සහයෝගයෙන් ගින්න නිවා දමා තිබේ.

ගිනි ගෙන විනාශ වූ බහු දින දිවර යාත්‍රාව රුපියල් ලක්ෂ 90 ක් පමණ වටිනා එකක් බව හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.

අනතුර සමබන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.