තරුණ නියෝජනය ඉහළ නැංවිය යුතුයි

තරුණ නියෝජනය ඉහළ නැංවිය යුතුයි

September 12, 2017   02:35 pm




මැතිවරණවලදී තරුණ නියෝජනය සියයට 50ක් දක්වා ඉහළ නැංවිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසී සාකච්ඡාවක් සිදුකර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.