ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

August 21, 2017   04:20 pm




පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව - ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

සැප්තැම්බර් 01 වනදා සිට පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නගේ සංගමයේ  එක්ව මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

කොළඹ, පීපල්ස් පාක් වෙළදසංකීර්ණය ඉදිරිපිටදී එම විරෝධතාව පැවැත්වෙන බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නගේ සංගමයේ  ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.