ප්‍රධාන පක්ෂ නියෝජිතයින් දේශපාලන සංස්කෘතිය විනාශ කරලා

ප්‍රධාන පක්ෂ නියෝජිතයින් දේශපාලන සංස්කෘතිය විනාශ කරලා

August 21, 2017   09:21 am

ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයින් මෙරටට දේශපාලන සංස්කෘතිය විනාශයට පත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කිසිදු විද්‍යානූකූල භාවයකින් තොරව අමාත්‍යධුර බෙදාදීම හේතුවෙන් රට සංවර්ධනය කිරිමට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළේය.

බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී  එක්සත් ජනතා නිදහස් පන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වත්මන් දේශපාලන සම්බන්ධයෙන් අදහස් පළ කළේය.