වැල්ලම්පිටියෙන් විදෙස් දුම්වැටි තොගයක් හසුවෙයි

වැල්ලම්පිටියෙන් විදෙස් දුම්වැටි තොගයක් හසුවෙයි

August 18, 2017   11:56 am

රජයට බදු මුදල් අහිමි කරන ජාවාරම් පිලිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදී රටට අනාවරණ කළේය.

තීරුබදු නොගෙවා නීති විරෝධී අයුරින් මෙරටට විදෙස් දුම්වැටි රැගෙන විත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා එම ඒකකය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

එහි පළමු පියවර ලෙස ජාවාරම්කරුවෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබීය.

ඒ අනුව ජාවාරම්කරු පැවසූ ආකාරයට ඔහු පැවසූ ස්ථානයට ගොස් පළමුව උපායදූතයෙකු ඔහුගේ නිවසට ළඟා විය.

අනතුරුව ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් අදාළ සැකකරුගේ නිවස වැටලූ අතර එහිදී අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ දුම්වැටි තොගයක් සොයාගනු ලැබීය.

පසුව  සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වූනේ මොහු මෙම ජාවාරමමේ එක් තැරැව්කරුවෙක් පමණක් බවයි.

ඒ අනුව ජාවාරම්කරුගෙන් අනාරවණ කරගත් තොරතුරු අනුව මෙම ජාවාරමේ නිරත තවත් පුද්ගලයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහි ඉතිරි දිග හැරුම ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.