බන්ධනාගාර ගැටුමකින් රැඳවූවන් 37ක් මරුට
සයුරෙන් එතෙර

බන්ධනාගාර ගැටුමකින් රැඳවූවන් 37ක් මරුට

August 17, 2017   11:21 am

දකුණු වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකදී රැඳවූවන් 37 දෙනෙකු මියගොස් තිබේ.

ඇමසෝනාස් ප්‍රාන්තයේ පිහිටි අදාළ බන්ධනාගාරයේ ගැටුමක් හටගෙන ඇති බවට වාර්තාවීමෙන් පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් බන්ධනාගාරය වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී ආරක්ෂක අංශ එල්ල කල වෙඩි ප්‍රහරවලින් රැඳවියන් 37 දෙනෙකු මියගොස් ඇති අතර ගැටුමේදී ආරක්ෂක අංශ නිළධාරීන් 14 දෙනෙකු ද තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

වෙනිසියුලාවේ බොහෝමයක් බන්ධනාගාරවල අඩු කාර්ය මණ්ඩලයක් සේවය කිරීම හේතුවෙන් එම බන්ධනාගාරවල බලය බෙහෝ විට රැඳවියන් අතට පත් වන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ආරක්ෂක අංශ හා රැඳවියන් අතර මෙවැනි ගැටුම් නිරන්තරයෙන් ඇති වන බව ද සඳහන් වෙයි.