ගැබිනි මව්වරුන්ට පෝෂණ මළු බෙදා දීම ජනපති ප්‍රධානත්වයෙන්

ගැබිනි මව්වරුන්ට පෝෂණ මළු බෙදා දීම ජනපති ප්‍රධානත්වයෙන්

July 16, 2017   03:24 pm



 මධ්‍යම පළාතේ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මළු හා වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මධ්‍යම පළාත් මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදි මධ්‍යම පළාතේ ගැබිනි මව්වරුන් 1000කට අධික පිරිසක් පෝෂණ මළු වියළි සලාක බෙදාදීමට සිදුකර තිබේ.

මෙහිදි හදිසි අනතුරකින් මියගිය තම පුත්‍රයාගේ හදවත හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ලබාදුන් උඩුනුවර ප්‍රදේශයේ මව සහ පියා ජනාධිපතිවරයා මුණගැසී ඇති අතර ඔවුන් සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබඳ ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.