ගත වු මාස 5ට රුලියල් ලක්ෂ 39 ක ව්‍යාජ මුදල් හසුවෙයි

ගත වු මාස 5ට රුලියල් ලක්ෂ 39 ක ව්‍යාජ මුදල් හසුවෙයි

June 29, 2017   05:12 pm

මේ වසරේ ගත වූ මාස 05ක කාලය තුළ සිදු කළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 39කට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් අපරාධ  විමර්ශන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශය භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජනවාරි මාසයේ සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගෙන ඇති අතර එම සිද්ධින්වලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පියවර ගෙන ඇති බව පොලීසිය  වැඩි දුරටත් සඳහන් කරයි.

අදාළ කාලය තුළ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 174ක්, රුපියල් දෙදහසේ ව්‍යාජ නෝට්ටු 46ක්, රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 2272ක්, රුපියල් පන්සියයේ ව්‍යාජ නෝට්ටු 1320ක් සහ රුපියල් සියයේ ව්‍යාජ නෝට්ටු 06ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

ඊයේ(28) රාත්‍රියේ මතුගම ප්‍රදේශයේදි ද රුපියල් ලක්ෂ 07කට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව තොරතුරක් දන්නේනම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශයේ 0112326670 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.