බොහෝමයක් දුම්රිය ස්ථාන අපිරිසිදුයි

බොහෝමයක් දුම්රිය ස්ථාන අපිරිසිදුයි

June 24, 2017   12:25 pm


මෙරට බොහෝමයක් දුම්රිය ස්ථාන අපිරිසිදු තත්ත්වයේ පසුවන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ එලෙස අපිරිසිදුවීම මඟින් ඩෙංගු හා වෙනත් බෝවන රෝග රැසක් ඇතිවිය හැකි බවයි.

මරදාන දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර ලබන මස 10 වනදා සිට දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණගේ මහතා සඳහන් කළේ  ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අවමකර ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.