උමාඔයෙන් ග්‍රාමසේවා වසම් 20 කට බලපෑම්

උමාඔයෙන් ග්‍රාමසේවා වසම් 20 කට බලපෑම්

June 18, 2017   08:30 am

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 20කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

උමං මාර්ගයේ අභ්‍යන්තර ජලපවාහනය හේතුවෙන් එහි කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඊයේ(17) ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කඩිනමින් උමගේ කටයුතු සම්පූර්ණ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.