ගැටළු විසඳීමට බල කරන මහා සමුළුව හෙට

ගැටළු විසඳීමට බල කරන මහා සමුළුව හෙට

May 23, 2017   03:17 pm



විදුහල්පති සේවයේ ගැටළු විසඳීමට බල කරන මහා සමුළුව හෙට(24) පැවැත්වෙන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදි එය පැවැත්වෙන බවය.

දැනට වසර දෙකකට වැඩි කාලයක සිට විදුහල්පති සේවයේ උසස් වීම් ලබා දී නොමැති බව ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම ගැටළුව ඇතුළු දැනට පවතින ගැටළු ගණනාවකට විසඳුම් ලබා දීම සඳහා බල කරමින් මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.