සංශෝධනයෙන් පසු  කැබිනට් මණ්ඩලය රැස්වෙයි

සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වෙයි

May 23, 2017   12:51 pm



කැබිනට් සංශෝධනයෙන් පසු පළමු වරට කැබිනට් මණ්ඩලය රැස්වී තිබේ.

අද(23) උදෑසන 08.30 ට පමණ ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් රැස්වීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාද එක්ව සිටියේය.

මේ අතර ඊයේ(22) දිනයේ කැබිනට් අමාත්‍යාංශ 9ක සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා ඇමතිවරු දිවුරුම් දුන් අතර ඔවුන්ද කැබිනට් මණ්ඩල රැස්වීමට එක්ව සිටි බව වාර්තාවේ.

මේ අතර ඊයේ(22) වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ දිවුරුම් දුන් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා අද(23) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.