යෝෂිතට රට යන්න අවසරයි

යෝෂිතට රට යන්න අවසරයි

May 23, 2017   12:44 pm



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් කොන්දේසියක් පනවා තිබේ.

කෙසේ වෙතත් තමාට ඕස්ට්‍රේලියාවට සහ ජපානයට යාමට අවසර ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.