පුජිත් එන තෙක් වික්‍රමරත්න වැඩ බලයි

පුජිත් එන තෙක් වික්‍රමරත්න වැඩ බලයි

May 22, 2017   02:33 pm



වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතව සිටින බැවින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස  ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව අද (22) සිට ලබන 26 වනදා දක්වා වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් අද අළුයම රුසියාව බලා පිටත්ව ගොස් තිබේ.