පක්ෂ දේශපාලනය රටේ ප්‍රශ්නවලට විසඳුමක් නොවෙයි

පක්ෂ දේශපාලනය රටේ ප්‍රශ්නවලට විසඳුමක් නොවෙයි

April 25, 2017   11:01 am

පක්ෂ දේශපාලනය තුළින් රට තුළ ඇති ගැටළුවලට විසදුම් ලබාදිය නොහැකි බව දේශප්‍රේමි භික්ෂු සංවිධානයේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.

ඊයේ (24) පස්වරුවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් නාලක හිමියන් මේ අදහස් ප්‍රකාශ කළේ ය. 

නුදුරේ දීම ලංකාව තුළ පවතින ඊනියා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය අවහිර කරමින් අතීතයේ පැවති රාජාණ්ඩු ක්‍රමය අනුව පාලන තන්ත්‍රයක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද උන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් මේ වන විට සිංහල ජාතිය වද වෙමින් ඇති ජාතියක් බවට පත්ව ඇති අතර පක්ෂ දේශපාලනය තුළින් රට තුළ බෙදීමක් ඇතිව තිබෙන බව ද නාලක හිමියන් වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම සාමය හා සංහිඳියාව යන වචන අද වන විට සිංහලයන් වද කිරීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් බවට පත්ව ඇති බවට ද නාලක හිමියන් චෝදනා කර සිටියේ ය.