රථගාලක් තුළ සිදු වූ අනතුරින් 1ක් මරු දකියි

රථගාලක් තුළ සිදු වූ අනතුරින් 1ක් මරු දකියි

April 19, 2017   09:50 am



මහනුවර, බෝගම්බර ප්‍රදේශයේ රථගාලක් තුළ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බස් රථයක් එම රථ ගාල තුළ සිටි  පුද්ගලයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 අනතුරෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ 50 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්වේ.

 අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර හබරාදූව - දික්කුඹුර මාර්ගයේ හබරාදූව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් දැරියක් මියගොස් තිබේ.

යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.