ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ අයෙක් ඝාතනය කරයි

ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ අයෙක් ඝාතනය කරයි

March 20, 2017   05:30 pm



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරමින් 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු අද (20) ඇෆ්ගනිස්ථානයේ බාමල් දිස්ත්‍රීක්කයේදී ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනයකර ඇති බව වාර්තාවේ.

අද(20) උදෑසන මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කුවාරි යසේන් නැමැති අයෙක් බව විදෙස් මාධ්‍ය පවසයි.

2009 මාර්තු මස පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගමන් ගත් බස් රථයට එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5දෙනෙකු තුවාල ලැබූ අතර පකිස්ථාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ වෑන් රථ රියදුරෙකු මරණයට පත්විය.