පුතා පැදවූ බසයට යටවී පියා මිය යයි

පුතා පැදවූ බසයට යටවී පියා මිය යයි

February 28, 2017   08:50 am



ආගරපතන ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පුද්ගලික බස් රථයක් ගාල් කිරීම සඳහා පිටුපසට ගැනීමේ දී එහි පිටුපස සිටි පුද්ගලයෙකු ඊට යටවී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා ආගරපතන රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

සිය පුතා විසින් පැදවූ බස් රථයට යටවීමෙන්  87 හැවිරිදි පියා මෙලෙස මියගොස් ඇති බව සඳහන්වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ආගරපතන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.