අකුරට වැඩ - අන්තිම මොහොතේ අත්හිටුවයි!

අකුරට වැඩ - අන්තිම මොහොතේ අත්හිටුවයි!

January 24, 2017   09:36 am

දුම්රිය රියදුරන් ආරම්භ කිරීමට නියමිතව තිබු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවතා දැමීමට තීරණය කර තිබේ. 
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතව තිබුණි. 
 
දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යවරයා දුරකථන මාර්ගයෙන් ලබාදුන් පොරොන්දුවකට අනුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළ බවයි.
 
අද (24) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සිය ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දික දොඩංගොඩ මහතා ප‍්‍රකාශ කර සිටියේය.