පොලිස් නිලධාරියාට ජීවිතය එපා වෙයි

පොලිස් නිලධාරියාට ජීවිතය එපා වෙයි

January 22, 2017   08:57 am



මංගලගම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබේ.

මංගලගම පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු මෙලෙස වෙඩි තබාගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පොලිස් නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් රැගෙන වෙඩි තබාගෙන ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.

එහිදී බරපතළ තුවාල ලැබු එම නිලධාරියා ගොනාගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.

මංගලගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.