අල්ලස් ගත් ලොක්කන්ට වැඩ වරදියි

අල්ලස් ගත් ලොක්කන්ට වැඩ වරදියි

January 18, 2017   05:08 pm



අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ වැලිපැන්න පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුවක් නිම කිරීමෙන් පසු අදාළ කොන්ත්‍රාතුව සඳහා ප්‍රාදේශීය සභාවෙන් ලැබීය යුතු චෙක් පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරදීම වෙනුවෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර වැලිපැන්න පොලිස් ස්ථානයට සිදු කර ඇති පැමිණිල්ලක් විභාග කර අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයා රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගෙන  ඇති බව  අල්ලස් කොමිසම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නාඋල සහ මතුගම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.