එකම පවුලේ 2ක් හෙරොයින් එක්ක මාට්ටු

එකම පවුලේ 2ක් හෙරොයින් එක්ක මාට්ටු

January 18, 2017   05:01 pm



හෙරොයින් ළඟ තබාගෙන සිටි එකම පවුලේ කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හේන්මුල්ල ප්‍රදේශයේදී සැකකටයුතු  තරුණියක සහ තරුණයෙකු පරීක්ෂා කිරීමේදී එම හෙරොයින් සොයාගෙන ඇති බව සඳහන්ය.

17 හැවිරිදි අදාළ තරුණිය සතුව තිබී  හෙරොයින් ග්‍රැම් 02 මිලිග්‍රෑම් 400ක් සොගෙන ඇති අතර 25 හැවිරිදි තරුණයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 800ක් සොයාගෙන තිබේ.

සිදු කළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා එකම පවුලේ සහෝදර සහෝදරියන් බවට අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

ඔවුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.