අනතුරින් 1ක් මරු දකියි

අනතුරින් 1ක් මරු දකියි

January 18, 2017   03:09 pm




රත්නපුර - පැල්ලමඩුල්ල ප්‍රධාන මාර්ගයේ,  කැටන්දොල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ ඔහුගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ.

 එහිදී රියදුරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ රක්වාන කොට්ටගල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.