අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරයි

අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරයි

October 22, 2016   03:45 pm




දිවයින පුරා පොලිතීන්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
  
ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා එම සතිය නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ පොලිතීන්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක වේ.

එම සතිය තුළ ප්‍රධාන නගර, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා පරිශ්‍ර කේන්ද්‍ර කරගනිමින් පොලිතින් ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට නියමිතය.