කියුබානු තානාපති යන්න කලින් ගයන්ත හමුවෙයි

කියුබානු තානාපති යන්න කලින් ගයන්ත හමුවෙයි

October 21, 2016   03:07 pm





ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ෆොලොරෙන්ටිනෝ බැටිස්ටා මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් සිදුව තිබේ.

බැටිස්ටා මහතා  අද(21) දිනයේ සිය සේවා කාලය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

 ඊට පෙර ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා හමු වූ බැටිස්ටා මහතා මහතා මෙරට දී සිය රාජකාරී කටයුතු පහසුකරලීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලබාදුන් සහය පිළිබඳ ස්තූතිය පළ කර තිබේ.

 එමෙන්ම බැටිස්ටා මහතා කියුබානු තානාපතිවරයා ලෙස මෙරට දී සිදුකළ සේවාව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.