තිදරු පියා අලි පහරින් මරුට

තිදරු පියා අලි පහරින් මරුට

August 9, 2016   11:33 am



වැල්ලවාය, ඇතිලිවැව - ගල්පොත්තආර ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 අද උදෑසන මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

බරපතළ තුවාල ලැබු ඔහු ප්‍රදේශවාසීන් විසින් වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස්  ඇති බව සඳහන්ය.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි තිදරු පියෙක් බව වාර්තා වේ.

වැල්ලවාය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.‍