ලෝටස් වටරවුම අවට රථවාහන තදබදයක්

ලෝටස් වටරවුම අවට රථවාහන තදබදයක්

July 25, 2016   11:57 am


 

තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින්  ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති  විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බව වාර්තා වෙයි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ආබාධිත රණවිරුවන් පිරිසක් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා යාමට උත්සහ කිරීම හේතුවෙන් රථවාහන තඳබදය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් කොටුව සෙරමික් හන්දිය ආසන්න ප්‍රදේශයේද රථ වාහන තඳබදයක් පවතින බව වාර්තා වෙයි.

තමන්ට තිබූ සුබ සාධන දීමනා හා විශ්‍රාම වැටුප කපා හැර ඇතැයි පවසමින් මොවුන් අද (25) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත්, මෙතෙක් පැවතුණු රණවිරු සුබසාධන කටයුතුද නතර වී ඇති බවත් පවසමින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වයි.

මේ අතර අම්බලන්තොට, කොක්ගල්ල ප්‍ර දේශයේ ජනතාව මේ වන විට තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වෙයි.

දින 06ක පමණ කාලයත සිට එම ජනතාවට පානීය ජලය නොලැබෙන බව පවසමින් විරෝධතාව සිදු කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.