මනුසත් දෙරණ දෙවන ක්‍රියාන්විතය ඇරඹෙයි!

මනුසත් දෙරණ දෙවන ක්‍රියාන්විතය ඇරඹෙයි!

May 28, 2016   09:02 am



ගංවතුරෙන් බොහෝ දේ අහිමි වූ පවුල්වල දූදරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් ආරම්භ කරන මනුසත් දෙරණ දෙවන ක්‍රියාන්විතය අද(28) උදෑසන ආරම්භ වෙයි.

මේ සඳහා පාසල් පොත්, පාවහන්, පාසල් බෑග් මෙන්ම පාසල් උපකරණ ද අප ලබාදීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා වූ ආධාර අද දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ ටී.බී ජයාමාවතේ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ භාරදිය හැකියි.

එසේම මෙම ක්‍රියාන්විතය හා එක්ව කටයුතු කරන දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේදී ද ඔබට පාසල් උපකරණ භාරදිය හැකියි.

මේ ආකාරයෙන් මනුසත් දෙරණ දෙවන ක්‍රියාන්විතය සමඟ ඔබත් එක්වන්නේ නම් 0770 70 10 10, 0773 580 443, 0115 300 700 යන දුරකථන අංක අමතා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකිය.