වැස්ස නිසා වයඹ පාසල් වැසෙයි

වැස්ස නිසා වයඹ පාසල් වැසෙයි

May 17, 2016   03:02 pm



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයක පාසල් රැසක් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

පවතින තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ වගකීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇත.

 ඒ අනුව වයඹ පළාතේ පාසල් 25ක් පමණ නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍ය  සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීම එම විදුහල්පතිවරුන් වෙත පැවරූ බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේය.