විරෝධය...

විරෝධය...

May 17, 2019  

Bookmark and Share
අයි. එස් ත්‍රස්ථවාදයට විරෝධය පාමින් පුත්තලමේ මුස්ලිම්වරුන් 1000ක පමණ පිරිසක් විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත.

ඔවුන් අයි එස් ත්‍රස්ථයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පවත්වා ඇත.

පුත්තලම නගරාධිපති කේ.ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගනනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණි මුස්ලිම් ජාතිකයින් පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්විමක් පවත්වා අයි එස් ත්‍රස්තයින්ට දැඩි විරෝධය පා ඇති අතර වසර තිහක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස අයි එස් ත්‍රස්තයින්ට ශාප කරන බවද පවසා ඇත.

ඡායාරූප-හිරාන් ප්‍රියංකර