හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව නොදීමේ තීරණයේ වෙනසක් නෑ

හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව නොදීමේ තීරණයේ වෙනසක් නෑ

April 13, 2016   03:10 pm


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා භටයින් ඉවත් කිරීමේ තීන්දුවේ වෙනසක් නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

බි.බි.සි. සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කර තිබේ.

ප්‍රභූ ආරක්ෂාව සඳහා යුධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාවක් නොමැති බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදි සඳහන් කර ඇත.

ප්‍රභූ ආරක්ෂාව සපයනු ලබන්නේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් සහ පොලීසියේ පොදු ආරක්ෂාව සපයන ආරක්ෂකයින් පමණක් බව කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ප්‍රභූ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් යෙදවීම නීති විරෝධී බව පසුගියදා පැවති මාධ්‍ය හමුවේ දී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින හමුදා නිලධාරීන් ක්‍රමයෙන් ඉවත් කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.