විෂ වීම...

විෂ වීම...

January 10, 2019  

Bookmark and Share
හලාවත වැවිලි සමාගමට අයත් කිනියම වත්තේ සිටි බැටළුවන් තිස් දෙදෙනෙකු අහාර විෂවීමෙන් මියගොස් ඇති බව බිංගිරිය පශු වෛද්‍ය නිළධාරිනි බි .ජි.ඒ .එස් . රෂිකා මහත්මිය පවසයි.

පසුගිය දින තුනක කාලය තුළ මේ සතුන් මියගොස් ඇති අතර තවත් සතුන් කීප දෙනෙකුම මරණාසන්න තත්ත්වයේ සිටින බව වාර්තා වේ.

බිංගිරිය පශු වෛද්‍ය නිළධාරිනි බි .ජි.ඒ .එස් . රෂිකා මහත්මිය පැවසූ ලෙස මේ සතුන් මියගොස් ඇත්තේ "ඇසිඩොසියස්" නමැති රෝගි තත්වයෙනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසීමකදි ඇය පවසා ඇත්තේ මේ සතුන් සඳහා ලබා දුන් අහාර විෂවීමක් සිදු වී ඇති බවයි.

මේ තත්ත්වය අනාවබෝධයෙන් කරන ලද්දක් බවට සැක සහිත බවත් මේ සතුන් සදහා තමාගෙන් නිල වශයෙන් ප්‍රතිකාර නොගත් බවත් තමාට නොදන්නාවා මුල් අවස්ථාවේ බැටළුවන් දසදෙනෙකුට වැඩි ප්‍රමාණයක් වල දමා ඇති බවද පශු වෛද්‍ය නිළධාරිනිය පැවසා ඇත.

මේ සිදුවීම වී ඇත්තේ දින දහයකට ආසන්න කාලයක් හලාවත වැවිලි සමාගමේ සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අවස්ථාවේ පාලනාධිකාරිය සිදුකළ ක්‍රියාවකින් බව වාර්තා වේ.

(ඡායාරූප-සුමුදු ජයමාන්න)