නාවික හමුදාව කේරල ගංජා අල්ලයි

නාවික හමුදාව කේරල ගංජා අල්ලයි

March 25, 2016   11:09 am



සිලාවතුර මුහුදු තීරයේ තිබී කේරල ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

නාවික හමුදාවට  ලැබුණු තොරතුරක් මත කේරල ගංජා කිලෝග්‍රැම් 51 ක පමණ තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව සඳහන්ය.

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙම කේරල ගංජා තොගය මෙරටට ගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැකකරයි.

නාවික හමුදාව භාරයට ගත් කේරල ගංජා තොගය සිලාවතුර පොලිස් ස්ථානයට භාරදී ඇත.