සෝභිත හිමිගේ අපවත්වීම සොයන්න විශේෂඥයින්ගේ කමිටුවක් අවශ්‍යයි

සෝභිත හිමිගේ අපවත්වීම සොයන්න විශේෂඥයින්ගේ කමිටුවක් අවශ්‍යයි

March 21, 2016   10:30 pm



පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සම්බන්ධයෙන් විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඒ පිළිබඳ සොයා බලන ලෙස පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද(21) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උඩුවේ ධම්මාලෝක හිමි මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතාද අද පැවැති මාධ්‍ය හමුවකදී සෝභිත හිමිගේ හදිසි අභාවය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමි වාද්දූව ප්‍රදේශයේදී සෝභිත හිමිගේ අභාවය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළකර තිබේ.