මනුස්සකම...

මනුස්සකම...

November 8, 2018  

Bookmark and Share
වැලිකන්ද රුවන්පිටිය කුඩා ඔය ප්‍රදේශයේ ගංවතුරට ගසක් උඩ හිරවී සිටි ගොවීන් 10 දෙනෙකු බේරා ගැනීමට මේ වන විට යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, වැලිකන්ද පොලිසිය මෙහෙයුම් අරඹ කර තිබිණි.

ඉන් ගොවීන් හය දෙනා බේරා ගැනීමට සිවිල් ආරක්ෂක භටයින් මේ වන විට සමත් වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගොවීන් හතර දෙනෙකු මුදවාගෙන තිබු අතර, අනෙක් 6 දෙනා බේරා ගැනීමට සිවිල් ආරක්ෂක භටයින් මැදිහත් වී සිදු කල මෙහෙයුමකින් ඔවුන්ද බේරා ගැනීමට සමත් විය.

වන අලීන්ගෙන් තම කුඹුරු බේරා ගැනීමට ගිය අවස්ථාවේ මෙම පිරිස ගංවතුරට හසු වී තිබුණි.

මේ දිනවල පොළොන්නරුව ප්‍රදේශයට නිරන්තරයෙන් වැසි ඇඳ හැලෙමින් පවතියි.

ඒ අනුව මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම විවෘත කර තිබේ.

පවතින වර්ශාව මධ්‍යයේ මෙම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

ඡායාරූප - ප්‍රසාත් සමන්