වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්-තිදෙනෙක් මරුට

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්-තිදෙනෙක් මරුට

February 10, 2016   06:32 am

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී 11.55ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් ‍කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක්, 24ක් සහ 49ක් වන අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.