විනිවිදභාවයකින් රාජකාරී කරන්න පොලීසියට හැකියාව තියෙනවා

විනිවිදභාවයකින් රාජකාරී කරන්න පොලීසියට හැකියාව තියෙනවා

February 7, 2016   03:56 pm



වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන මැදිහත්වීමකින් තොරව පොලීසියට තම කටයුතු විනිවිදභාවයකින් යුතුව කරගෙන යාමට අවස්ථාව ලැබී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මේ වන විට නැති වී ගිය විනය යළි රට තුළ නිර්මාණය වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

බොරැල්ල වනාතමුල්ල ශ්‍රී ධර්මාශ්‍රමාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ සහ බැංකු පොත් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

යහපත් සමාජයක් නිර්මාණය කිරිමේ අභියෝගය රජය ඉදිරියේ පවතින මොහොතක දේශපාලන බලපෑම් එල්ල වන අවස්ථා ඇත්නම් ඒ පිළිබඳ වහාම රජය දැනුම්වත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.