අතුරුදහන් ඥාතීන්ගේ ගැටළු ගැන හුසෙයින් කුමරුගේ අවධානය

අතුරුදහන් ඥාතීන්ගේ ගැටළු ගැන හුසෙයින් කුමරුගේ අවධානය

February 7, 2016   01:17 pm


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් කුමරු අද(07)උතුරු පළාතේ සංචාරයක නිරතවිය.

යාපනය වෙත පැමිණි මානව හිමිකම් කොමසාරිස්වරයා පළමුව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා හමුවු අතර දෙපළ අතර  සාකචිජාව පැයක පමණ කාලයක් පැවැත්වුණු බව අදදෙරණ වාර්තාකරු පවසයි.

උතුරු පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යවරයා,පළාත් සභා අමාත්‍යවරුන් හා මානව හිමිකම් කොමසාරිස්වරයා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදි පැවැත්වු සාකච්ඡාවිදි යුධ සමයේ සිදු වු පුද්ගල අතුරුදහන්වීම්,දේශපාලන සිරකරුවන්ගේ ගැටළු,උතුරේ වැන්දඹුවන්ගේ ගැටළු හා පළාතේ සංවර්ධන කටයුතු හා නැවත පදිංචි කිරීම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වු බැව් උතුරු පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා පැවසීය.

සාකච්ජාවෙන් අනතුරුව මානව හිමිකම් කොමසාරිස්වරයා යාපනය දිස්ති‍්‍රක්කයේ අවතැන් ජනතාවගේ තත්ත්වය නිරීක්ෂණයට පිටත්ව යාමට ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් පිටතට පැමිණි අතර,අදාළ අවස්ථාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු විරෝධතාවයකද නිරත වූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සිය ගැටළු හුසේන් කුමරා වෙත ඉදිරිපත් කළ අතර,මානව හිමිකම් කොමසාරිස්වරයා එහිදි පැවසූවේ අදාළ ගැටළු පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බවයි.

මානව හිමිකම් කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත අතර,උතුරේ ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවීමට නියමිතය.