එදා රත්තරන්ට - අද වෙල්ගමට

එදා රත්තරන්ට - අද වෙල්ගමට

January 21, 2016   04:07 pm



මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ  ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩුවක් පවරා තිබේ.

නීති විරෝධි ලෙස රුපියල් මිලියන 3.2ක මුදලක් ගමනා ගමන මණ්ඩලයේ හිටපු උපසභාපතිවරයාට ‍ගෙවන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත.

පසුගියදා රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාට ද අල්ලස් කොමිසම නඩුවක් පැවරීය.

ඒ රුපියල් ලක්ෂ 412ට අධික මුදල් හා දේපළ අල්ලස් මගින් අත්පත් කර ගැනීමේ චෝදනාව මතය.