විනාශය....

විනාශය....

August 10, 2018  

Bookmark and Share
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ගල්ඔය ගග ආශ්‍රිතව කෙරෙන මහා පරිමානයේ වැලි ජාවාරම් නිසා ගල්ඔය ගඟේ ඉවුර විශාල වශයෙන් විනාශ වෙමින් පවතී.

අම්පාර එරගම උළු කර්මාන්ත ශාලවට අයත් ඉඩමට පහලින් ගල්ඔය ගඟ ගලාගෙන යන අතර මෙම ස්ථානයේ පුද්ගලයින් ගණනාවකට භුවිද්‍යා සහ පතල් කර්මාන්ත දෙපාර්මේන්තුව විසින් වැලි ගැනීම සදහා බලපත්‍ර දි තිබේ.

මෙම බලපත්‍ර කරැවන් විසින් ගල්ඔය ගගෙන් වැලි ගොඩ දැමීම වෙනුවට ගල්ඔය ගඟ ඉවුරේ ආසන්නව ඇති එරගම උළු කර්මාන්ත ආයතනයට අයිති ඉඩමෙන් අක්කර පනහකට වැඩි භුමියක වැලි ඉවත් කරගෙන තිබේ.

මෙයට අමතරව සමහර ස්ථානවල ගල්ඔය ගගට ට්‍රැක්ටර් දමා වැලි ගොඩ දමා තිබෙන බවද එහි කරන ලද සංචාරයේදි දැක ගැනිමට හැකිවිය. වසර ගනනාවක සිට වැලි තිබෙන ස්ථානයකට වැලි බලපත්‍ර ගෙන වෙනත් ස්ථානවලින් වැලි කපාගෙන ගොස් තිබේ.

මෙයට අමතරව එරගම උලු කර්මාන්ත ශාලවට අයිති ඉඩම මැදින් අනවසර පාරවල් කපා ඇති අතර ගල්ඔය ගගට වැටෙන පනිජ්ජා ගගෙන්ද අනවසරයෙන් වැලි ගොඩ දමා තිබේ.

පසුව එරගම උලු කම්හලේ කළමණාකරැ පියල් පලිහක්කාර මහතා විසින් මේ පිලිබදව භුවිද්‍යා සහ පතල් කාරයංශයට දැනුම් දිමෙන් අනතුරැව භුවිද්‍යා සහ පතල් කාර්යංශයෙන් පැමින මෙම වැලි ගොඩ දැමිම තාවකාලිකව නතර කර තිබේ.

මෙම ස්ථානයේ වැලි බලපත්‍රයක් ඇති අහමඩ් ලෙබ්බේ මහතා පැවසුවේ තමන් ඇතුලු නවදෙනෙකු මෙම ස්ථානයේ නීතියාණුකුලව බලපත්‍ර රැගෙන වැලි ගොඩ දැමිම සිදු කල අතර එයට එරගම උලු කම්හලේ පාලනධිකාරිය විසින් අවහිර කරන බවයි ගල්ඔය ගඟ රක්ෂිතයට අයිති ඉඩම්ද උළු කම්හල විසින් අවසරයෙන් අල්ලා ගෙන ඇති බවද පැවසීය.

එරගම උලු කම්හලේ කළමණාකරැ පියල් පලිහක්කාර මහතා පැවසුවේ මෙම ඉඩම් අක්කර 245 ක භුමියක් උළු කම්හල සතුව ඇති බවයි.

අනවසර වැලි ගොඩ දැමිම නිසා සමහර ස්ථාන වලින් ගග රක්ෂිතය පවා සෝදාගෙන ගොස් ඇති බව සදහන් කලේය.මෙම ඉඩම රජයට අයිති එකක් බවද සදහන් කලේය.

එහෙත් වසර ගනනාවක් තිස්සේ මෙම ඉවුර කපමින් කරන ලද මෙම වැලි ජාවරම පිලිබදව භුවිද්‍යා සහ පතල් කාර්යංශයේ කේෂත්‍ර නිළධාරින් ගේ අවධානයට යොමු නොවුනේ මන්දැයි ප්‍රදේශවාසින් විමතිය පළ කරති.