ජකර්තා පිපුරුම-ලාංකිකයන්ට හානියක් නෑ

ජකර්තා පිපුරුම-ලාංකිකයන්ට හානියක් නෑ

January 14, 2016   10:47 am


ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ලාංකිකයෙකුට හානියක් සිදුව නැති බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා මහතා පවසයි.

ජකර්තා නගරයේ ලාංකිකයින් 130 ක් පමණ වාසය කරන බවත්, මෙතෙක් ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවූ බවක් වාර්තාවී නැති බවත් තානාපතිවරයා අද දෙරණට කියා සිටියේය.

අද (14) පෙ.ව 10.30 ට පමණ බෝම්බ ප්‍රහාරය සිදුව ඇති බවත්, එයින් ඉන්දුනීසියානු සාමාන්‍ය වැසියන් තිදෙනෙකු, පොලිස් නිලධාරියෙකු හා බෝම්බ රැගෙන ආ පුද්ගලයා මරණයට පත්ව ඇති බවත් දැනට වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.