අඩවි වන නිලධාරියාට  අලියා ගහයි

අඩවි වන නිලධාරියාට අලියා ගහයි

December 1, 2015   09:14 am



ගිරිබාව, සංගිලිමලේ වන රක්ෂිතයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් අඩවි වන නිලධාරියෙකු මියගොස් තිබේ.

 බීට්ටු සංචාරයේ යෙදී සිටි අඩවිවන නිලධාරියෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 මියගොස් ඇත්තේ 56 හැවිරිදි වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මෘත ශරීරය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.